2022 ජූනි 21, ප.ව. 7:31
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද (21) සිට එළඹෙන 25 දක්වා රුවන්ඩාවේ කිගාලි නුවරදී පැවැත්වෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළා.
පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී දෙවන එළිසබෙත් රැජින නියෝජනය කරමින් චාර්ල්ස් කුමරු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිතව තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ තේමාව වන්නේ “පොදු අනාගතයක් ලබා දීම : සම්බන්ධ කිරීම,නවෝත්පාදනය සහ පරිවර්තනය” යන්නයි.
රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ මහතා විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සමාරම්භ කරනු ලබයි.
පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 54ක්.
2026 ජනවාරි 20, පෙ.ව. 12:33
2026 ජනවාරි 20, පෙ.ව. 12:20
2026 ජනවාරි 20, පෙ.ව. 12:19
2026 ජනවාරි 20, පෙ.ව. 12:16
2026 ජනවාරි 20, පෙ.ව. 12:13