hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 31, ප.ව. 4:20



දේශපාලන කටයුතු සඳහා ජනතාව ප්‍රවාහනය කිරීමට වැඩිම ප්‍රමාණයක් පෞද්ගලික බස් රථ කුලියට ගෙන ඇත්තේ ජාතික ජන බලවේගය විසින් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කර සිටියා.

තම සංගමයට දේශපාලන අරමුණකින් තොරව මුදල් ගෙවීමේ පදනම මත ඕනෑම බස්රථ ප්‍රමාණයක් ඕනෑම පක්‍ෂයක ලබාදෙන බවද සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවා.

බස් රථ කුලී පදනම මත ලබා ගැනීමේදී ඉතා විශාල මුදලක් වැය වන බවත් මෙම බස් රථ මිලදී ගැනීමේදී එම දේශපාලන පක්ෂයන් මුදල් ලැබෙන ආකාරය සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බවද හෙතෙම සඳහන් කළා.