hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 02, ප.ව. 12:37



උත්සව සමය සැළකිල්ලට ගෙන ලිට්රෝ ගෑස් මිල ගණන් සංශෝධනය නොකර පැරණි මිලේම පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් තවදුරටත් රුපියල් 3,565 ක් වන අතර, කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,431 කට අලෙවි වනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අද පවසා ඇත්තේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 668 මිලකටයි.

අවසන් වරට ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කෙරුණේ පසුගිය මස 4 වනදායි.

මීට අදාල නිවේදනය පහතින්,

Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: