hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 පෙබරවාරි 01, පෙ.ව. 9:17



මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇතැයි පැවසූ ජී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් වී නැතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසනවා.

ඊයේ (31) දිනයේ මුද්‍රණයට යවා ඇති පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනයටද ඇය අත්සන් තබා තිබෙනවා.

තරුණ ඡන්ද සම්බන්ධ තොරතුරු ඇතුළත් එම ගැසට් නිවේදනයට චාල්ස් මහත්මිය අත්සන් තැබූ බව කොමිසමේ සභාපතිවරයා ද තහවුරු කළා.

ඇය මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය ඉල්ලා අස් වූ බවත් එදින සිට මැතිවරණ කොමිසමට පැමිණ කටයුතුවලට සහභාගී නොවූ බවත් වාර්තා වුණා.

කෙසේ නමුත් ඊයේ දිනයේ මුද්‍රණය වූ ගැසට් නිවේදනයට අත්සන් කරන ලද හෙයින් තවදුරටත් ඇය කොමිසමේ සාමාජිකත්වය දරන බවයි වාර්තා වන්නේ.

අදාළ නිවේදනයට අත්සන් තබා ඇත්තේ කොමිසමේ නිලධාරීන් මගින් එම නිවේදනය කොළඹ පිහිටි සිය නිවසට ගෙන්වා ගෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.