hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 11, ප.ව. 6:35



ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දෙසැම්බර් 9 වන දින දෙහ්රාඩුන් හි පැවති ඉන්දීය හමුදා ඇකඩමියේ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සභාභාගී වී තිබීම ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවකි.

ඉන්දියානු හමුදා ඇකඩමියට දක්ෂ හා දේශප්‍රේමී නිලධාරීන් වැඩිම සංඛ්‍යාවක් දායාද කරන හමුදා ආයතනය ලෙස IMA හඳුන්වනු ලබනවා.

ඉන්දීය හමුදා ඇකඩමිය දක්ෂ හා දේශප්‍රේමී නිලධාරීන් සැලකිය යුතු පිරිසක් බිහිකිරීම සඳහා ප්‍රසිද්ධයි.

ඉන්දියානු හමුදාවේ ලුතිනන් ජෙනරාල් මනෝජ් කුමාර් කටියාර් සහ ලුතිනන් ජෙනරාල් විජේ කුමාර් මිශ්‍රා විසින් ජෙනරාල් සිල්වා මහත් හරසරින් පිළිගෙන තිබෙනවා.

ඔහු චාරිත්‍රානුකූලව ආචාර පෙළපාලිය වෙත කැඳවාගෙන ගිය අතර එහිදී ඔහු විසිර යන කැඩෙට් නිලධාරීන්ගෙන් ආචාරය ලබා ගත්තා.