hit counter

2025 පෙබරවාරි මස 03 වන සඳුදා

2022 ජූනි 04, ප.ව. 3:19



ගිං නිල්වලා ව්‍යාපෘතිය සඳහා මූළික තැන්පතුවක් ලෙස ලබා දුන් රුපියල් කෝටි 401ක මුදලක් අතුරුදන් වී ඇතැයි වාර්තා වනවා.

කිසිදු අධ්‍යයන වාර්තාවකින් තොරව චීන සමාගමකට ලබා දී ඇති මෙම මුදලින් කිසිදු ප්‍රතිලාභයක් උපයා ගෙන නොමැති බව විගණන පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ මුළු වියදම රුපියල් බිලියන 92,185ක් වී ඇති අතර ඉන් සියයට 4.5කට අධික මුදලක් මෙසේ අත්තිකාරම් ලෙස ලබා දී තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

මෙම අත්තිකාරම් මුදල ලබාගෙන ඇති ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවන බවද විගණන වාර්තාවේ සඳහන්.

අත්තිකාරම් මුදල ලබා ගත්තත් අදාල ව්‍යාපෘතිය ආරම්භ කිරීමටවත් උත්සාහයක් දරා නොමැති බවද වාර්තා වනවා.