hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජනවාරි 20, පෙ.ව. 10:31



ගලේවෙල – ආඳගල ප්‍රදේශයේ නිවසක ගෙළ වැළලාගෙන බවට සැක කෙරෙන පාසැල් දැරියක සහ තරුණයෙකුගේ මළ සිරුරු දෙකක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇති පාසැල් සිසුවියගේ වයස අවුරුදු 14ක් වන අතර තරුණයා 20 හැවිරිදි වියේ පසුවනවා.

මෙම සිසුවිය ගලේවෙල – ආඳාගල – ගොන්නගස්යාය ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බවට පොලිසිය ප්‍රකාශ කරන අතර මීට පෙර අවස්ථාවකදී නිවසින් පැනගොස් අති බවද වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී ඔවුන් දෙදෙනා සොයා ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තරුණයා ඇප මත මුදා හැර ඇති අතර බාල වයස්කාර දැරිය පරිවාස අධීක්ෂණය යටතේ ඇයගේ මවගේ භාරයට පත් කර තිබෙනවා.

අනතුරුව, පසුගිය දිනක නැවත ඔවුන් දෙදෙනා නිවසින් පැන ගොස් ඇති අතර එහි දී තරුණයාගේ ගම් ප්‍රදේශය වන අදාගල ප්‍රදේශයේ පාළු නිවසක රැදී සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් පිලිබඳ පාසල් සිසුවියගේ නිවසට ලැබුණු ආරංචියක් මත ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සිසුවියගේ මව පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී මොවුන් දෙදෙනා ගෙල වැල ලාගෙන මිය ගොස් සිටිය දී හමු වී ඇත්තේ.