hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 27, පෙ.ව. 5:04



රට තුළ පවතින ඖෂධ හිඟය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන ගැටළු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය වෙත ඊයේ (26) පැමිණිල්ලක් භාර දුන්නා.

පවතින සෞඛ්‍ය අර්බුද විසඳන ලෙස බලධාරීන්ට කොතෙක් පැවසුවද ඊට නිසි මැදිහත්වීමක් පෙනෙන්නට නැති හෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය මේ අවස්ථාවේ ලබා ගැනීමට ක්‍රියා කළ යුතු බවට සිය සංගමයේ විධායක සභාව තීරණය කළ බවත් ඒ අනුව මෙම පැමිණිල්ල භාර දීමට කටයුතු කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවා.

ඖෂධ හිඟය, මෙන්ම ඖෂධ මිල ඉතා ඉහළ අගයක් ගැනීම, තාක්ෂණික උපකරණ හිඟය ඇතුළු රෝහල් තුළ පවතින සම්පත් හිඟය හේතුවෙන් රෝගී ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටින අතර ශල්‍ය කර්ම පවා සීමා කිරීමට සිදුව තිබෙන බව අලුත්ගේ මහතා සඳහන් කළා.

රටේ පවතින මෙම සෞඛ්‍ය අර්බුදය විසඳ ගැනීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෙස ලබා දිය හැකි සහය ලබාදෙන ලෙස ඉල්ලීම් ක‍රන බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම සංශෝධිත බදු ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියාත්මක කළ කළු සතිය සාර්ථකව දියත්වෙමින් තිබෙන අතර රෝහල්වල කටයුතුවලට බාධා නොවන ලෙස එම කටයුතු සිදුවන බවද හරිත අලුත්ගේ මහතා සඳහන් කර සිටියා.