hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 02, පෙ.ව. 12:16



දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව, පැය 24ක් පුරා ක්‍රියාත්මක මෙම සංකේත වැඩ වර්ජනය හෙටින් ආරම්භ කරන බව එම සංගමය පවසනවා.

ඒ අනුව අද (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දෙනවා.

අනතුරුව එළඹෙන 03 වනදා උතුරු පළාතේත්, 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

08 වනදා මධ්‍යම පළාතේ සහ නැගෙනහිර පළාතේය වැඩ වර්ජනය සිදු කෙරෙන අතර 09 වනදා දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වැඩවර්ජනයට එක් වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන් පවසන්නේ, 10 වනදා බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල වෛදවරු මෙම වැඩ වර්ජනයට එක්වීමට නියමිත බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: