hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2022 ඔක්‍තෝබර් 15, පෙ.ව. 11:08



ජාවාරම් කිරීමේ අරමුණින් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

දැනටමත් මෙම ජාවාරම්කරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නා බවත් සියඹලාපිටිය මහතා කියා සිටියා.

නමුත් සාමාන්‍ය මගීන්ට මින් කිසිඳු අසාධාරණයක් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.