2022 දෙසැම්‍බර් 27, පෙ.ව. 8:29
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු ඊයේ (26) ඩුබායි ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා, එතුමාගේ බිරිඳ අයෝමා රාජපක්ෂ, පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ, ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ එලෙස පිටත්ව ගොස් තිබුණා.
මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඊයේ අලුයම 02.55 ට කටුනායක ගුවන්තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබෛන බව අප වාර්තාකරු පැවසුවා.
මෙම පිරිස මුලින්ම ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළා.
කටුනායක ගුවන් තොටුපළ සිට ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක නොවේ.
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:29
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:13
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:08