hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 03, පෙ.ව. 7:10



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මීට පෙර ඉල්ලා අස් කරගත් සිය පුරවැසිභාවය නැවත ලබා ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලුම් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ, ඔහුගේ ඉල්ලීම අමෙරිකාව තවමත් සලකා බලා නොමැති බව යි.

බලයෙන් ඉවත්වීමෙන් පසුව, ඔහුට කිසිදු රටක සරණාගතභාවය ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බව හින්දුස්ථාන් හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසූවේ තමන් දැනුවත්ව එවැනි ඉල්ලුම් කිරීමක් සිදු කර නොමැති බව යි.

තමා ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ උදවිය සමග ඩුබායි වෙත පැමිණ සිටින බවත් ජනවාරි 6 හෝ 7 වන දින විට නැවත දිවයින බලා පැමිණෙන බවත්ය.

මාධ්‍ය වාර්තාවල පළවන අන්දමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් අමෙරිකානු පුරවැසිභාවය සඳහා අයැදුම් කර නොමැති බව ද ඔහු කියා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය 2019 දී ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඉවත්කර ගත්තා.

රාජපක්ෂ මහතා 2022 වසරේ ජූලි මාසයේ මෙරටින් පිටව ගිය අතර මාස දෙකකට ආසන්න කාලයකට පසු නැවත මෙරටට පැමිණියා.

අනතුරුව ඔහු පසුගිය දා ඩුබායි රාජ්‍යය වෙත පිටව ගොස් තිබුණා. ඒ, පෞද්ගලික සංචාරයක් සඳහා යි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: