hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 07, පෙ.ව. 8:46



තමන් අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස කිසිසේත් සිය ධූරය හැර නොයන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කර ඇත්තේ ඇමරිකානු බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ නැවත ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තමාට කිසිදු අදහසක් නො නොමැති බවයි.

තමන්ට තනතුර හැර යන ලෙස දිගින් දිගට සිදු කෙරෙන ඉල්ලීම් හමුවේ වුවද ඉදිරි වසර දෙකක කාලය තුළ තමන් ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කිරීමට කැපවන බවත් මේ වන විට ශ්‍රී ලංකාව මුහුණපා ඇති බරපතල ආර්ථික අර්බුදයන් ට හේතු කාරණා වූ මූල්‍ය ගැටලු නිරාකරණය කර ගැනීමට අවධාරණය යොමු කරන බවත් ඔහු මෙහිදී පවසා තිබෙනවා.

මාස ගණනක් මුළුල්ලේ විරෝධතා පැවැතිය ද ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන බවත් තමාගේ ධුර කාලයේ ඉදිරි වසර දෙක අවසන් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව පවසා ඇති ජනාධිපතිවරයා තමන් මේ මොහොතේ අවධානය යොමු කර ඇත්තේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිළිබඳව බවත් පවසා තිබෙනවා.