hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 අගෝස්‍තු 12, පෙ.ව. 9:00



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට ළඟා වී ඇති බව වාර්තා වනවා.

සිංගප්පූරුවේ රැදී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේයි තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබුණේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට තම රටට ඇතුලු‍ වීම සඳහා අවසර ලබා දී ඇත්තේ මානුෂීය හේතුන් මත බවත් වෙනත් රටක ස්ථිර රැකවරණය ලබාගන්නා තුරු ඔහුට තාවකාලිකව රැඳී සිටිය හැකි බවත් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ද මිට පෙර ප්‍රකාශ කර තිබුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි බැවින් තායිලන්තයේ දින 90 ක කාලයක් රැඳී සිටිය හැකි බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මහතා ප්‍රකාශ කළා.

තායිලන්තයේ රැඳී සිටින කාලය තුළ කිසිඳු දේශපාලන කටයුත්තක් නොකරන බවට පොරොන්දු වූ බවත් තායිලන්ත අගමැති ප‍්‍රයුත් චාන් ඕ චා මහතා පැවසුවා.