2026 ජූලි 06, ප.ව. 3:41
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ අභ්‍යන්තර ගැටුම සහ ඉන් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් වත්මන් රජය සෘජුවම වගකීම බාරගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
සංජීව එදිරිමාන්න මහතා පෙන්වා දුන්නේ, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර විපක්ෂයේ සිටියදී රටේ සිදුවන ඕනෑම සමාජ, ආර්ථික හෝ දේශපාලන සිද්ධියක් සම්බන්ධයෙන් අතිශය ජනප්‍රියවාදී සහ ප්‍රායෝගික නොවන මතවාද ඉදිරිපත් කළ බවයි.
ස්වභාවික විපත්, ගෝලීය වසංගත, ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම වැනි අවස්ථාවලදී ඔවුන් සතුව ඉතා ආකර්ෂණීය දේශපාලන විග්‍රහයන් තිබූ බවත්, ජනතාව එම විග්‍රහයන් සැබෑ වැඩපිළිවෙලවල් ලෙස සලකා බලය ලබා දුන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
2020 නොවැම්බර් මාසයේ මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුම සිහිපත් කරමින් එදිරිමාන්න මහතා මෙසේ අවධාරණය කළේය.
එදා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, බන්ධනාගාරගතව සිටින සියලු රැඳවියන් රාජ්‍ය භාරයේ සිටින බැවින් ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාව පිළිබඳ වගකීම රජය විසින් බාරගත යුතු බවයි.
බන්ධනාගාර ගැටුමකදී යම් ජීවිත හානියක් සිදුවන්නේ නම්, එහි වගකීම රජය සතු බව එදා ඔහු අවධාරණය කළේය.
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුම සහ ඉන් සිදුවූ මරණවල වගකීමෙන් වත්මන් ආණ්ඩුවට බැහැර විය නොහැකි බව එදිරිමාන්න මහතා පවසයි.
ජනාධිපතිවරයා විසින්ම විපක්ෂයේ සිටියදී ලබාදුන් පැහැදිලි කිරීම්වලට අනුව, දැන් එම වගකීම ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව විසින් බාරගත යුතු බව ඔහු අවධාරණය කළේය.
එබැවින්, මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකීමෙන් බැහැර වීමට ආණ්ඩුවට කිසිදු හැකියාවක් නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
08-05-26
08-05-26
30-10-25
30-10-25
17-10-25
17-10-25
13-10-25
13-10-25
03-09-25
03-09-25
02-09-25
02-09-25
24-10-24
24-10-24