hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 19, ප.ව. 1:38



ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන කිහිපයක ඉහළ නිලධාරීන් ලබන වැටුප් පිළිබඳව සමාලෝචනයක් කරන ලෙස විගණකාධිපති වාර්තා මගින් මුදල් අමාත්‍යාංශයට පෙන්වා දී තිබෙනවා.

විදුලිබල මණ්ඩලය, ලිට්රෝ ආයතනය, වරාය අධිකාරිය, ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන ගණනාවක ඉහළ නිලධාරීන් බොහෝ දෙනකු අසාමාන්‍ය වැටුප් ලබන බව විගණන වාර්තා මගින් අනාවරණය වී ඇතැයි වාර්තා වනවා.

මේවායේ බොහොමයක් වෘත්තිය සමිති සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් හිතුමතේ ගිවිසුම්වලට එළැඹී සිටින බවට විගණන වාර්තා පෙන්වා දෙනවා.

මෙම අසාමාන්‍ය වැටුප් ගෙවීම් රාජ්‍ය සේවයේ නෙයකුත් සේවක වැටුප් සමඟ අසමතුලිත භාවයක් ගෙන දී ඇති අතර අදාළ ආයතනවල පාඩු ලැබීමට හේතු වී ඇති බව ද මුදල් අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.