hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 19, පෙ.ව. 9:20



2018 වසරේ සිට විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීම් සිදු කර නොමැති බැවින් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සදහා ජුලි මාසය වන විට විදේශ සේවයට හතළිස් දෙනෙකු කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මන්ත්‍රීවරුන් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිළිබද විමසා සිටි අවස්ථාවේදී යි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් හැකි ඉක්මනින් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

තවද, අමාත්‍යාංශය විසින් ඉටු කරනු ලබන දෛනික කාර්යයන්වලට අමතරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් මතු කරන විවිධ ගැටලු සහ එවැනි ජාත්‍යන්තර ගැටලුවලට ශක්තිමත්ව මුහුණ දිය හැකි ක්‍රමවේදයන් පිළිබඳව සොයා බැලීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.