hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 10, ප.ව. 4:58



රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබා දුන් පසු 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට ගුරුවරුන් ලෙස පරිවාස පදනමින් පත්වීම් ලබා දී ගුරු ඩිප්ලෝමාව ලබාගත් පසු ඔවුන් ස්ථිර කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

වයස් සීමාව පිළිබඳ තීරණය රාජ්‍ය සේවා කොමිසම විසින් දැනුම් දී තිබෙනවා. 

ඒ අනුව නිවේදන නිකුත් කරනු ඇති බවත් ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගන්නා නිශ්චිත වයස් සීමාව ගුරු සේවා ව්‍යවස්ථාවේ සඳහන් ව ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

එමනිසා ගුරු සේවා ව්‍යවස්ථාව හා රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මත උපාධිධාරී ගුරුවරුන් බඳවා ගනු ඇති.

පළාත් මට්ටමින් පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමට හැකියාව පළාත් බලධාරීන්ට ඇති බව ද නිවේදනයේ සඳහන්.

මේ අතර සංවර්ධන නිලධාරීන්ට දැනට රජයේ පත්වීම් ලබා දී ඇති අතර අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස පාසල්වලට අනුයුක්ත පිරිසක් ද සිටිනවා.