hit counter

2024 ජූනි මස 17 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:36



සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර තුනක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් බඳවා ගැනීම කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

ඊයේ (27) රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව සෞඛ්‍ය බඳවා ගැනීම් සඳහා ප්‍රමුඛත්වය දෙන බවත් අදාළ බඳවා ගැනීම් පිළිබඳ නිශ්චිත තීරණයක් ඉදිරි දින කිහිපය තුළ ලබා දෙන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් ඔහු පැවසුවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රජයට ආදායම් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පවා පුරප්පාඩු පවතින අතර ඊටත් වඩා ප්‍රමුඛත්වයකින් සෞඛ්‍ය සේවයේ බඳවා ගැනීම් සඳහා කටයුතු කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: