hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 25, පෙ.ව. 11:45



රජයේ සේවකයන් සඳහා අයවැයෙන් යෝජනා කළ පඩි වැඩිවීමෙන් රුපියල් 5000ක් ජනවාරියේ සිට ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් 2,500ක පඩි වැඩි වීම සම්පූර්ණයෙන්ම ජනවාරියේ සිටම ලබා දීමට ද සාකච්ඡා වී ඇත.

රජයේ සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දීමට යෝජනා කළ අතර එයින් 5000ක් ලබන අප්‍රේල් මාසයේත් ඉතිරි මුදල ඔක්තෝබරයේත් ලබාදීමට අයවැය කතාවේ දී යෝජනා කළා.

විශ්‍රමිකයන් සඳහා රුපියල් 2500 ක් අප්‍රේල් මාසයේ සිට ලබාදීමටද අයවැය යෝජනා කළා.

අදාල රාජ්‍ය සේවක පඩි වැඩි වීමෙන් කොටසක් ලබන ජනවාරියේ සිට ම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය ආදායම් ඒකකයේ රැස්වීමේ දී අවධානය යොමුව ඇති අතර ජනවාරියේ සිට රුපියල් 5000ක් ලබාදීමටත් අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ම ලබාදීමටත් ඇති හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇත.

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ 2023 අපේක්ෂිත මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සංඛා දත්තඅනුව ජනවාරියේ සිටම පඩි වැඩිවීම ක්‍රියාත්මක කළ හැකි බව අනාවරණය වී තිබෙනවා.

අදාල රැස්වීම රාජ්‍ය ආදායම් ඒකකයේ සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී බ්‍රහස්පතින්දා(23) පැවැත්විණ.

2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා ආදායම් එකතු කිරීමේ නියෝජිත ආයතනවලින් බදු ආදායම් එකතු කිරීමේ ඇස්තමේන්තුව ද මෙහිදී ඉදිරිපත් කර ඇති අතර එම ලේඛනයට අනුව නොවැම්බර් 21 දින වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1457ක ආදායමක් උත්පාදනය කර තිබෙනවා.

රේගු ආදායම රුපියල් බිලියන 842ක් ද සුරාබදු ආදායම රුපියල් බිලියන 70ක් ද වන අතර එම ආයතනවලින් ලද මුළු ආදායම රුපියල් බිලියන 2446කි.

නොවැම්බර් 21 වැඩි දා වන විට අනෙකුත් ආදායම් ආයතන වලින් එකතු කර ගන්නා ලද ආදායම රුපියල් බිලියන 29ක් ලෙස දැක්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: