hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:01



රජයේ රෝහල්වල හෙද සත්කාර සේවාවට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවා තිබෙනවා.

ඒ අනුව ලබන ජනවාරි 13 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ය.

ඒ අනුව 2019 – 2020 උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂය ධාරාවලින් සමත් වී සිසු හෙද පුහුණුව සඳහා අයදුම්පත් යොමුකරන ලද අයදුම්කරුවන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සහ දිවයින පුරා හෙද විදුහල්වල පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබන 27 වනදායින් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැක.

කෙසේ වෙතත්, මේ සඳහා හාර දහසකට අධික පිරිසක් අයදුම්කර ඇති බවට වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: