hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 31, ප.ව. 5:22



ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දන්වා ඇත්තේ රාජ්‍ය ආදායම, වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පවතින බැවින් රජයේ විදයම් කපා හැරීමට කටයුතු කරන ලෙසයි.

රජයේ ආදායම්, සියලු වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් එමගින් සිදුකළ හැක්කේ වැටුප් සහ විශ්‍රාම දීමනා,
ශුභසාධක, ඖෂධ සහ ණය සේවාකරණය පමණක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

එමෙන් ම රාජ්‍ය ආයතන සඳහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගතහොත් ඒවායෙහි වියදම් සඳහා පෞද්ගලිකව වගකීමට සිදුවනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සියලු නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.