hit counter

2024 ජූලි මස 14 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 8:35



රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සේවකයන් 8,400 ක් ස්ථිර කිරීම සඳහා එම අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසුවේ, වැඩිම රජයේ සේවකයන් පිරිසක් රාජකාරි කටයුතු කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ බවත්, මෙම අමාත්‍යාංශයේ සේවකයන් 495,000 ක් සේවයේ නිරතව සිටින බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙතෙක් ස්ථිර පත්වීම් නොලැබූ අවුරුදු 18 ත් 20 ත් අතර කාලයක් පැරණි සේවකයන් අමාත්‍යාංශයේ සහ එහි ආයතනවල සිටින බවත්, ඔවුන් මෙලෙස ස්ථිර කිරීමට නියමිත බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: