hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 15, ප.ව. 12:06



රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කර තිබෙනවා.

ඒ රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු හැටේදී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් වෛද්‍යවරු පිරිසක් ගොනුකල තිබූ රිට් පෙත්සමක තීන්දුව ලබාදෙමින් වීම විශේෂත්වයක්.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: