2022 ජූලි 08, ප.ව. 12:36
රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තම නිවෙස්වල සිට රාජකාරී කටයුතු සිදුකිරීමට ග්‍රාම නිලධාරීවරුන් තීරණය කර තිබෙනවා.
ග්‍රාම නිලධාරීන් හට ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් රජය ගෙන නොමැති බව ඔවුන් පවසයි.
එම නිසා ඊයේ (07) සිට රාජාකාරී ස්ථාන වෙත නොගොස් නිවසේ සිටම රාජකාරී සිදුකිරීමට ග්‍රාම නිලධාරීවරුන් තීරණය කර තිබෙනවා.
ඉන්ධන අර්බුදය විසදෙන තුරු ග්‍රාම නිලධාරීන් තම කාර්යාල වලට නොයන බවත් අත්‍යාවශ්‍ය රාජකාරියක් කර ගැනීමට අවශ්‍ය නම් තම ප්‍රදේශය භාර ග්‍රාමනිලධාරිවරයාට ඇමතුමක් ලබාදී ග්‍රාම නිලධාරීගේ නිවසට ගොස් අත්‍යවශ්‍ය රාජකාරිය ඉටු කර ගන්නා ලෙස ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති කමල් කිත්සිරි මහතා ජනතාවට දන්වා සිටිනවා.
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:04
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:27
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:01
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 9:02