hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 12, ප.ව. 2:48



2024 සඳහා වන එක්සත් ජනපද විවිධත්ව වීසා වැඩසටහන සඳහා අයදුම්කරුවන්ට ලැබුණු දෝෂ පණිවිඩ වලට හේතුව ලියාපදිංචි වීම සඳහා ඇති ගෝලීය ඉල්ලුමක් හේතුවෙන් ඇතිවූ බව එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (12) නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Green Card සඳහා අයදුම් කිරීමට dvprogram.state.gov වෙත පිවිසීමේ දී දෝෂ පණිවිඩ ලැබී ඇති බව තානාපති කාර්යාලය පවසයි.

“මෙම දෝෂ වලට හේතුව ලියාපදිංචි වීමට ඇති ගෝලීය ඉල්ලුමයි. කරුණාකර ඉවසීමෙන් කටයුතු කරගෙන දිගටම උත්සාහ කරන්න” යැයි කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

විවිධත්ව වීසා වැඩසටහන 2024 සඳහා වන අයදුම්පත් 2022 නොවැම්බර් 08 වන දින රාත්‍රී 10.30 දක්වා භාර ගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවා.

2024 විවිධත්ව වීසා වැඩසටහන සඳහා කඩදාසි ඇතුළත් කිරීම් වලට ඉඩ නොදෙන අතර අයදුම්පත් භාර ගන්නේ එහි වෙබ් අඩවිය වන https://dvprogram.state.gov හරහා පමණක් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.

සෑම වසරකම, විවිධත්ව වීසා වැඩසටහන මඟින් එක්සත් ජනපදයට බොහෝ සංක්‍රමණිකයන් නොයවන රටවලින් පමණක් අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 50,000කට වැඩි පිරිසකට ස්ථිර පදිංචිය ලබා ගැනීමට ඉඩ ලබා දෙනවා.