2024 නොවැම්‍බර් 23, පෙ.ව. 12:02
ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ආලේපන වෙළෙඳපොල තුල අලෙවි කල ව්‍යාපාරික ස්ථාන වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දිනක කටයුතු කර තිබෙනවා.
නිවැරදි හිසකෙස් කළු කරන ආලේපනයෙහි අනු ඇසුරුමක බර 21g ක් වන අතර ව්‍යාජ නිෂ්පාදනයෙහි අනු ඇසුරුමක බර 10gක් වන බවයි වාර්තා වන්නේ.
පිටකොටුව පැරණි නගරශාලා ගොඩනැගිල්ලෙහි සහ පීපල්ස් පාර්ක්හි වෙළඳුන් තිදෙනෙකු සම්බන්ධව සිදුකරන ලද මෙම වැටලීම් සඳහා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසුව වරද පිළිගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට දඩ මුදලක් සහ අත්අඩංගුවට ගනු ලැබූ එම ඇසුරුම් විශාල ප්‍රමාණයක් රාජසන්තක කර විනාශ කිරීමට අධිකරණය නියම කර ඇති බවද සඳහන්.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඉල්ලා සිටින්නේ භාණ්ඩ මිලදීගැනීමේදී මෙවැනි ව්‍යාජ නිෂ්පාදන සම්බන්ධව විමසිලිමත් වන ලෙසත් සහ එවැනි අවස්ථා පිළිබඳ තොරතුරු වෙතොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය 1977 වෙත දැනුම්දෙන ලෙසයි.
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 9:52
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 9:50
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:16