hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 07, පෙ.ව. 4:20



රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෞද්ගලික අංශයේ ප්‍රතිකාර වලින් එළඹෙන 08 වනදා ඉවත් වීමට තීරණයක් ගත් බව එම සංගමය පවසනවා.

ඒ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී.

පෞද්ගලික අංශයේ සිදුකරන එදිනෙදා සාමාන්‍ය සේවා 08 වනදා දිනය තුළ සිදු නොවන බවත් හදිසි ප්‍රතිකාර සේවා පමණක් සිදුකරන බවත් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කරනවා.

අද (07) පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මිට හේතුව අසාධාරණ බදු සංශෝධනය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් තවමත් පිළිගත හැකි පිළිතුරක් ලැබී නොමැති වීම බවයි.