hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 03, ප.ව. 3:42



මෙරට කෘෂිකර්මාන්තය විනාශ කළේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මිස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොවන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමින්.

පසුගිය කාලයේ තම සංගමය සිදු කළේ වෛද්‍ය වෘත්තිය සමිතියකට අදාල නැති වැඩ බවද පවසන ඔහු අද ඒ හේතුවෙන් මුළු රටකටම වන්දි ගෙවන්නට සිදුව ඇතැයිද ඒ මහතා සඳහන් කළා.

GMOA තුළ සිදු වූ සමහර සිදුවීම් නිසා සංවිධානයට හානියක් සිදු වූ බවත් රටටක් යම් හානියක් සිදු වූ බවත් සඳහන් කළා.

තමාව තනතුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් ආරංචි පවතින බවත් ඒවා තහවුරු කර ගැනීමට නොහැකි වූ බවද ඔහු පෙන්වා දෙනවා.

තමා දන්නේ තමන්ට ආරංචි මාර්ග වලින්, තුන්වන පාර්ශවයකින් ලැබුණු දේවල් බවත් ඒ නිසා තමාට ඒවා තහවුරු කර ගැනීමකින් තොරව මාධ්‍යට ප්‍රකාශ කිරිමට නොහැකි බවද වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: