hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 18, ප.ව. 7:18



හැටන් නගරයේ ප්‍රධාන දමිල පාසලක සේවය කරන ගුරුවරියක් අද (18) පාසල නිම වී අතුරු මාර්ගයක් ඔස්සේ හැටන් නගරයට පිවිසෙන අතරතුර එම ගුරුවරියගේ කර බැදි රන් මාලය කඩාගෙන දිවගිය තරුණයෙකු අල්ලා පහර දී හැටන් පොලිසිය වෙත භාර දී තිබෙනවා.

අද (18) පස්වරු 2.00ට පමණ පාසල නිම වීමෙන් පසු ගුරුවරිය නිවස කරා යාමට නගරයට පැමිණෙන අතරතුර ඊට පසුපසින් පැමිණි තරුණයා ගුරුවරිය ගෙල බැද තිබු පවුම් තුනක් පමණ බරකින් යුත් රන් මාලය සහ තැල්ල කඩාගෙන හැටන් නගරය මැද්දෙන්  දිව යන අවස්තාවේ හැටන් නගරයේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පිරිසක් විසින් සැකකාර තරුණයා අල්ලා පහර දි පොලිසිය වෙත භාර දි තිබෙනවා.

සැකකරු අල්ලාගත් අවස්ථාවේ සැකකරු සන්තකයේ රන් මාලයේ තැල්ල පමණක් තිබු බවත්, සැකකරු ප්‍රදේශවාසින් විසින් අල්ලා ගත් අවස්ථාවේ රන් මාලය විසි කර දමන්නට හෝ ගිල දමන්නට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

සැකකරු පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අවු 30 පමණ වයසැති පුද්ගලයෙකු බවයි පොලිසිය කියා සිටියේ.

සැකකරුව ප්‍රදේශවාසින් විසින් අල්ලා පොලිසියට භාර දි  රැගෙන යන අවස්ථාවේ තවත් ප්‍රදේශවාසින් පිරිසක් සැකකරු තම භාරයට ලබාදෙන ලෙස පවසමින් පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.