2025 ජූනි 28, පෙ.ව. 12:08
පසුගියදා පැවති ඒෂියා මිරකල් අවෝර්ඩ්ස් සම්මාන උළෙලේ ආරාධිතයකු ලෙස සහභාගී වූ කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ඔහුව වේදිකාවට කැඳවා සම්මාන පිරිනැමීම් සිදුකරමින් තිබුණ අවස්ථාවේ ‘හොඳම පහේ ශිෂ්‍යත්ව ගුරුවරිය’ නමැති සම්මානය ලබාදීමට නම් කෙරුණ හයේෂිකා ප්‍රනාන්දුට අදාළ කුසලානය ලබාදීම ප්‍රතික්ෂේප කළේය.
එම අවස්ථාවේදී ඔහු වෙනුවට ඒ ආසන්නයේ සිටි වෙනත් කෙනෙකු විසින් හයේෂිකා ප්‍රනාන්දුට සම්මානය පිරිනමන ලදි.
තරුණයෙකුගේ වෘෂණ කෝෂ වලට ප්‍රහාර එල්ල කිරීම හා සැඟවී සිටීම ඇතුළු පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් සිදුවීම් කිහිපයක් නිසාම ප්‍රසිද්ධියට පත්ව සිටින හයේෂිකා ප්‍රනාන්දුට මෙම සම්මාන උළෙලේ ජනප්‍රියම ගුරුවරිය යයි තවත් සම්මානයක්ද පිරිනැමුණ අතර එම සම්මානය ගැටලුවකින් තොරව පිරිනැමුනේ එම අවස්ථාවේ වේදිකාවේ සිටි සුදත් රෝහණ මහතා අතිනි.
මෙම ඒෂියා මිරකල් අවෝර්ඩ්ස් සම්මාන උළෙලේදී නිශ්චිත ක්ෂෙත්‍රයකට සීමා නොවී සියලුම ආකාරයේ ක්ෂෙත්‍ර සඳහා සම්මාන විශාල ප්‍රමාණයක් පිරිනමා තිබුණි.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11