hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මාර්තු 03, පෙ.ව. 12:04



පවතින උෂ්ණාධික කාලගුණය පිළිබඳව එළිමහනේ රාජකාරි කටයුතු සිදුකරන කණ්ඩායම් වඩාත් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසූවා.

ඒ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 02.30 දක්වා කාලය අවධානම් කාලසීමාව ලෙස හැඳින්විය හැකියි.

ඒ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන් ,එළිමහනේ වෙළදාම් කරන පුද්ගලයන් ,කම්කරුවන් ,ආරක්ෂක අංශයේ නිලධාරීන් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

එවැනි පුද්ගලයන් හැකිතාක් හිරු එළියට නිරාවරණය වීමෙන් වැලකී සිටීමට අවශ්‍ය පියවර ගැනීම ඉතා වැදගත් වෙයි.

ඊට අමතරව එම කාලය මඟහරවා වැඩමුර සකස් කර ගැනීම ඉතා වැදගත් බව එහිදී පැවසුවා.

එවැනි රැකියා කරන පුද්ගලයන් ලා පැහැති ඇදුම් ඇදීම සහ හැකිතාක් ජලය ඇතුළු ස්වාභාවික දියර පානය කිරීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: