2025 ජූලි 16, පෙ.ව. 12:05
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව පෙරේදා (14) දින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 250,000ක මුදල් ඇප සහ රු ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.
ඒ අනුව ඇප හිමිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුමින්ද දිසානායක සඳහන් කළේ,
“මගෙ වයස අවුරුදු 46යි. 2000 වසරේ ලංකාවේ ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට පාර්ලිමේන්තුවට එන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා, නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙලා, ඇමතිවරයෙක් වෙලා අවුරුදු 25ක් ක්‍රියාකාරී දේශපාලනය තුළ, මගෙන් ඇහුවොත් එහෙම මේ අවුරුදු 25ටයි, අවුරුදු 46ටයි මොකක්ද සතුටු වෙන්න පුළුවන් කාලය කියලා ඇහුවොත් එහෙම, පහුගිය දවස් 54 තමයි මගේ ජීවිතේ සතුටෙන්ම, සන්තෝෂෙන්ම හිටිය දවස් 54.
ඒකට හේතුව, මම දවස් 54ම හිටියේ LTTE ත්‍රස්තවාදින් යැයි දඬුවම් විදින කණ්ඩායම හිටියා, ඒ වගේම තාමත් LTTE සැකකරුවන් විදිහට ඉන්න කණ්ඩායම හිටියා, ඒ වගේම සහරාන්ගේ බෝම්බයට සම්බන්ධව ඒ සැකකරුවන් අවුරුදු හය හමාරක් පමණ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න තරුණයෝ හිටියා, තවත් නාලිකාවලින් රෑට පෙන්නන සංවිධානත්මක අපරාධ කල්ලි වල, ලේසියෙන් කියන පාතාලේ බොහෝ පිරිස් හිටියා.
රෑට ටීවි එකේ පෙන්නනවා, අන්න අතන අහවලාට වෙඩි තිබ්බා කියලා. ඊට පහුවදා පෙන්නනවා අන්න ඒ වෙඩි තිබ්බ ෂූටර් ඇල්ලුවා කියලා. ඒ ෂූටර් හිටියේ අපිත් එක්ක. ඒ රයිඩර්ලා හිටියේ අපිත් එක්ක. ඒකට ඔත්තු බලපු අය හිටියේ අපිත් එක්ක. එනිසා මගෙ ජීවිතයේ හාවඩ් විශ්වවිද්‍යාලය වෙත ගියත් ලබාගන්න පුළුවන් පොත පතේ දැනුමක්. හැබැයි සමාජ දැනුමක් මම අවුරුදු 46ටම, මේ සමාජ දැනුම ගන්න බැරිවුණා සාමාන්‍ය ජීවිතය ගත කරලා.”
2026 පෙබරවාරි 09, පෙ.ව. 12:35
2026 පෙබරවාරි 09, පෙ.ව. 12:32
2026 පෙබරවාරි 09, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 09, පෙ.ව. 12:19
2026 පෙබරවාරි 09, පෙ.ව. 12:10
06-02-26
06-02-26
03-02-26
03-02-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
25-01-26
25-01-26
21-01-26
21-01-26
14-01-26
14-01-26
12-01-26
12-01-26
04-01-26
04-01-26
30-12-25
30-12-25
14-12-25
14-12-25
15-11-25
15-11-25