2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:14
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගියදා පැවැත්වූ රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවට එම පක්ෂයේ හිටපු අමාත්‍ය තිස්ස කුට්ටිආරච්චි මහතා කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ, දේශපාලනයේදී අනෙකුත් පාර්ශ්ව සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පාඩමක් ඉගෙන ගන්නා ලෙසයි.
“6 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් පාඩමක් ඉගෙන ගත්තොත් හොඳයි මේ කට්ටිය. ඒ කතාව අහන අයට තේරෙනවා මම මොකක්ද මේ කියන්නේ කියලා.”
අනුරාධපුරයට විවිධ ප්‍රදේශවලින් වන්දනාකරුවන් මෙන්ම විදේශිකයින්ද පැමිණෙන බවත්, තමන්ගේ ක්‍රීඩාංගණයකට පැමිණ ක්‍රීඩා කළද හෝ වැවකට පැමිණියද ඒ සම්බන්ධයෙන් විරෝධයක් නොදක්වන බවත් ඔහු පැවසුවා.
“අපි අපේ ground එකේ ඇවිල්ලා සෙල්ලම් කළාට, අපේ වැවක ඇවිල්ලා නෑවට අපි තරහ වෙන්නෙත් නෑ. අපි කෝප වෙන්නෙත් නෑ. මොකද වැව අරන් යන්නේ නැහැ, ground එක අරන් යන්නෙත් නැහැ. ඒ නිසා ඕන තරම් කට්ටිය එනවා, යනවා. ඇවිල්ලා අපේ ක්‍රීඩාංගණවල සෙල්ලම් කරලා යනවා.”
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:24
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:17
10-09-26
10-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
30-08-26
30-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26