hit counter

2026 සැප්‍තැම්‍බර් මස 17 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:22



වත්මන් රජය යටතේ රට ඉදිරියට යමින් ආර්ථික ස්ථාවරත්වයක් සහ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගෙමින් පැවතීම, මෙරට පාලනය කළ පැරණි බංකොලොත් විපක්ෂයට දරාගත නොහැකි වී ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අතීතයේදී ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් නිර්මාණය කළ සියලු පාර්ශ්වයන්ට අද වන විට එකම වේදිකාවකට පැමිණ ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමට සිදුව ඇත්තේ රට සංවර්ධනය කරා යන ගමන නතර කිරීමේ අරමුණින් බවයි.

පැරණි දේශපාලන ක්‍රමයේ සුන්බුන් බවට පත්ව සිටින විපක්ෂයට මෙම ප්‍රගතිය දෙස බලා සිටීමට නොහැකි වී ඇති බවත්, එකිනෙකාට පසමිතුරු ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් පවා එකතු කරගනිමින් කෙසේ හෝ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට ඔවුන් දැඩි උත්සාහයක නිරත වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: