hit counter

2026 අප්‍රේල් මස 15 වන බදාදා

2026 අප්‍රේල් 16, පෙ.ව. 12:21



අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් අධිවේගී මාර්ගයේ ආදායම ඉහළ ගොස් ඇති අතර පසුගිය දින 03ක කාලය තුළ ඉන් රුපියල් මිලියන 163කට අධික ආදායමක් උපයාගෙන ඇති බව වාර්තා වෙයි.

පසුගිය අප්‍රේල් 10,11 සහ 12 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන 434,338ක් ධාවනය කර ඇති බව, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි ප්‍රකාශ කරයි.

ඉන් රුපියල් මිලියන 45කට අධික ආදායමක් උපයා ඇත්තේ පසුගිය 12 වනදාය.

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන යම් ආපදාවකට ලක්වූයේ නම් 1969 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම්දෙන ලෙසද මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: