2026 අප්‍රේල් 22, පෙ.ව. 12:08
පසුගිය සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය තුළ මෙරට අධිවේගී මාර්ග පද්ධතිය භාවිතයෙන් රුපියල් මිලියන 536කට අධික ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
අප්‍රේල් මස 10 වැනිදා සිට අප්‍රේල් මස 20 වැනිදා දක්වා වූ දින 11ක කාලසීමාව තුළ මෙම වාර්තාගත ආදායම ලැබී තිබේ.
අදාළ දත්තයන්ට අනුව, මෙම කාලය තුළ අධිවේගී මාර්ග භාවිත කර ඇති සමස්ත වාහන සංඛ්‍යාව දාහතර ලක්ෂ තිස් එක්දහස් තුන්සිය දහනමයකි(1,431,319).
උත්සව සමයේ ගම්බිම් බලා ගිය සහ නැවත කොළඹ බලා පැමිණි ජනතාව අධික ලෙස අධිවේගී මාර්ග භාවිත කිරීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතුව වී ඇත.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ අදාළ කාලය තුළ ලැබුණු නිශ්චිත ආදායම රුපියල් 536,425,675ක් බවයි.
2026 ජූනි 12, පෙ.ව. 10:28
2026 ජූනි 12, පෙ.ව. 10:07
2026 ජූනි 12, පෙ.ව. 10:03
2026 ජූනි 12, පෙ.ව. 12:15
2026 ජූනි 12, පෙ.ව. 12:15
16-04-26
16-04-26
13-04-26
13-04-26
13-04-25
13-04-25
06-04-25
06-04-25
14-02-25
14-02-25
08-10-24
08-10-24