hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 මාර්තු 31, පෙ.ව. 12:11



සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙරට තරුණ පිරිස අතර HIV ආසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන පවසන්නේ පසුගිය වසරේදී අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිස අතුරින් HIV ආසාදිතයින් 115 දෙනෙක් හඳුනා ගෙන ඇති බවයි.

පසුගිය වසරේ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත HIV ආසාදිතයින් ගණන 824කි.

එබැවින් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය දැනුම් දෙන්නේ ශ්‍රී ලංකාව තුළ HIV ව්‍යාප්තිය වැඩි වෙමින් ඇති පසුභිමක පරීක්ෂණ සඳහා යොමු වීමට කටයුතු කරනා ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: