hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 24, පෙ.ව. 7:45



රජයේ රෝහල් සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 25%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසනවා.

පෞද්ගලික අංශයේ ඖෂධ සහ ප්‍රතිකාරවල මිල ගණන් වැඩි වී ඇති නිසා පසුගිය කාලයේ පෞද්ගලික අංශය වෙත යොමුවුණු ජනතාවත් මේ වනවිට රජයේ රෝහල්වලට යොමු වී ඇති බව වාර්තාවනවා.

විශේෂයෙන් රසායනාගාර පරීක්ෂණ සඳහා පැමිණෙන්නන්ගේ සෑහෙන වැඩිවීමක් පෙන්නුම් කරන බවයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් රජයේ රෝහල් වෙත ලබා දෙන ඖෂධ ප්‍රමාණය දිනෙන් දින අඩුවන බවත් කෙතරම් ඖෂධ අඩුව පුරවා දැම්මත් ජනතාව දිනෙන් දින රජයේ රෝහල් වෙත යොමුවෙන නිසා එම ඖෂධ හිඟය පියවීම තරමක් අසීරු බවත් එම ආරංචි මාර්ග සඳහන් කළා.

දැනට ඖෂධ වර්ග 100ක පමණ අඩුවක් දකින්නට ඇති බවයි වාර්තා වන්නේ.