hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 30, ප.ව. 5:23



හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි දස හැවිරිදි දැරියකට රහසග පෙන්වූ බව කියන සහාය අධ්‍යක්ෂකවරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය සඳහන් කළා.

පාදයක ඇතිවූ තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා මව සමඟ පැමිණි දැරිය මුලික ප්‍රතිකාර ඒකකය අසල රැඳී සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.

දැරියගේ මව පුටුවක වාඩිවී සිටියදී දැරිය හිටගෙන සිට ඇති අතර ඊට පිටුපසින් සිටි සැකකරු පැළඳ සිටි සපත්තුවේ ලේස් එක ගැට ගහන මුවාවෙන් දැරියට අපචාර සිද්ධිය සිදු කර ඇති බව පොලිසිය පවසයි.

ඒ දුටු දැරිය අහක බලද්දි ශු ශු හඩින් දැරියට කතා කර තිබූ සැකකාර පුද්ගලයා පිළිබඳ දැරිය සිය මවට පැවසීමත් සමගම ඔහු එම ස්ථානයෙන් නැගිට පිටව යාමට උත්සාහ දරා තිබු බව පොලිසිය සඳහන් කළා.

ඒ සමගම දැරිය මව කෑ ගසා ඇති අතර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එක්ව සැකකරු අල්ලා පොලිසියට භාරදුන් බව රෝහල් ප්‍රකාශකයකු පැවසුවා.

සැකකාර පුද්ගලයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන් එලෙස සිදු නොකළ බවත් පාදයේ ඇතිවූ තුවාලයකට ප්‍රතිකාර ගැනිම සඳහා පැමිණි බවත් ප්‍රකාශ කර තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් වැඩිදුරටත් පවසා සිටියා.

හෝමාගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.