hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 06, පෙ.ව. 5:39



මෘතෘ රෝහල්වල ප්‍රසුත කාර්යන් සදහා භාවිත කරණ ඖෂධ, රක්තවේදයට සම්බන්ධ ඖෂධ, හදිසි ප්‍රථිකාර ඖෂධ හා ශල්‍ය උපකරණවල සහ අක්ෂි කාචවල දැඩි හිඟයක් සමස්ත රෝහල් පද්ධතිය තුල පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික හා දකුණු පළාත් සම්බන්ධිකාරක වෛද්‍ය උහය බණ්ඩාර වරකාගොඩ මහතා පවසනවා.

මෙම තත්වය නිසා සමස්ත රෝහල් පද්ධතියම කඩා වැටිමේ අවදානමකට ලක්ව ඇති බවද වෛද්‍ය උහය බණ්ඩාර වරකාගොඩ මහතා පෙන්වා දෙනවා.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි  රජයේ රෝහල්වල පවතින ඖෂධ හිගය පිළිබද අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සඳහන් කළා.

“අක්ෂිකාච වල හිගය නිසා අසරණ රෝගින් මෙන්ම අක්ෂි වෛද්‍යවරු ගැටළු රැසකට ලක්වෙලා තියෙනවා. අසරණ අම්මා තාත්තාට දෑස් පාදාගන්න අක්ෂි කාචයක් දමා ගැනිමට නොහැකි තත්වයක් උදාවෙලා. ඒ විතරක් නෙවෙයි මාතෘ රෝහල්වල ප්‍රසුත කාර්යයන් සදහා භාවිතා කරන ඖෂධවල හිඟයක් තියෙනවා. අධික ලේවහනය සදහා භාවිතා කරන ඖෂධ හිඟයි. රෝහල් පද්ධතිය තුල ඇති වි තිබෙන ඖෂධ හිගය සහ වෛද්‍ය උපකරණ හිගය නිසා ඉතිහාසයේ අර්බුදකාරි වාතාවරණයකට සමස්ත රෝහල් පද්ධතිය ලක්ව තියෙනවා. වගකිවයුතු වෘත්තිය සමිතියක් හැටියට මේ පිළිබද බලධාරින්ට සාධනිය තර්ක යෝජනා ඉදිරිපත් කළා. නමුත් එවා බිරි අලින්ට වීණා වැයිමක් බදු කටයුත්තක් බවට පත්වෙලා තියෙනවා.”