hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 පෙබරවාරි 09, පෙ.ව. 10:40



රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ඊයේ පෙරවරුවේ ආරම්භ කළා.

වැඩවර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිමට රෝහල් රැසකට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වී තිබුණා.

ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් මෙසේ දක්වා සිටියා,

“හැමදේටම ස්ට්‍රයික් කරන්න ගියාම ඒකත් කරදරයක්.”

“අනිවාර්යෙන්ම ස්ට්‍රයික් කරන්න ඕනේ. රජයේ මිනිස්සු ඔක්කෝම නන්නත්තාර කරනවා. බදු පිට බදු ගහනවා.”

“ස්ට්‍රයික් තියන එක හොඳයි, මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. බදු බර පුළුවන් තරම් වැඩි කරලා. මේ ආණ්ඩුව යන්නෙත් නැහැ.ඡන්දෙ තියන්නෙත් නැහැ. මොන එහෙකට එනවද මන්දා මේ වයසක 70ත් පැනලා. අතින් අල්ලගෙන යනවා පාර්ලිමේන්තුවට. එදා ඉඳලා කාලා, කාලා, කාලා තවත් කනවා.”

“සල්ලි තියෙන මනුස්සයා කොහොමහරි ගන්නවා. නැති මනුස්සයා කොහොමද කරන්නේ?බලන්නකෝ මිනිස්සු කොච්චර රස්තියාදු වෙනවද කියලා.”

“දොස්තරලත් ස්ට්‍රයික් කරන්නේ අපි හින්දා. ආණ්ඩුව දැනගන්න ඕන ඒක. පාන්දර පහට අපි ආවේ.”

“හැමදාම මොකක් හරි ස්ට්‍රයික් එකක් තියෙනවාමයි.”

“225ක් මොකක්ද මේ ලංකාවෙ මිනිස්සුන්ට කරන අපරාදේ? දොස්තර මහත්තයෙකුට රස්සාව කරගන්න දෙන්නෙ නෑ. පොලිසියේ මහත්තයෙකුට රස්සාවක් කරගන්න දෙන්නෙ නෑ. කිසිම රාජකාරියක් කරන්න දෙන්නේ නැහැ.” “ජීවිතයම එපා වෙලා තමයි අපි ඉන්නෙ.”

“ආයේ නම් ඒ මිනිස්සුන්ට ඡන්දයක් බලාපොරොත්තු වෙන්න එපා. ආයේ ඡන්දෙ නම් හම්බ වෙන්නේ නෑ ජීවිතේට.”

“මෙච්චර දේවල් වෙලා තියෙද්දි නිදහස් උත්සවයක් සැමරුවා. මොකද ඇති දෙයක්ද?”