hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 7:10



ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් රැසක  අත්‍යවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධ වර්ග ඇතුළු ශල්‍ය උපකරණවල හිගයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය නිශාන්ත සමරවිර මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.

ඊයේ (19) ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සදහන් කළා.

වෛද්‍ය නිශාන්ත සමරවිර මහතා ඖෂධ හිඟය පිළිබද මෙසේද කියා සිටියා,

“කරාපිටිය රෝහලේ මෙන්ම අනිකුත් රෝහල්වල ජීවිතාරාක්ෂක ඖෂධ මෙන්ම එදිනෙදා සාමාන්‍ය රෝගාබාධවලට ප්‍රථිකාර කිරිමට අවශ්‍ය ඖෂධවල හිගයක් තියෙනවා. ඖෂධ උපකරණවලත් හිගයක් තියෙනවා. ඖෂධ අඛන්ඩව රෝහලේ වාට්ටුවලට ලැබෙන්නේ නැහැ. ඖෂධ නොලැබිමේ තත්වයක් තියෙනවා. සිහිනැති කිරීම සදහා භාවිතා කරන ඖෂධ, හිසට සිදුවන හානියකදි භාවිතා කිරිමට ගන්නා ඖෂධ වර්ගවල මෙන්ම රුධිර කාන්දු පෙරණයේ දි භාවිතා කරන ඖෂධ වල හිගයක් කරාපිටිය රෝහලේ තියෙනවා. එමෙන්ම පිලිකා රෝගින්ට ලබාදෙන ඖෂධ, ලේ වර්ධනය කිරිමට ලබදෙන ඖෂධත් හිගයි. පැරසිටමෝල් පෙත්තේ සිට වමනය සදහා ලබා දෙන ඖෂධ මෙන්ම උදරයේ දැවිල්ලට ලබාදෙන ඖෂධවල පවා උග්‍ර හිගයක් තියෙනවා.”

“මුත්‍රා බට රෝගින්ට ආහාර ලබාදිම සදහා නාසයෙන් ඇතුල්කරන බට, ශ්වසන පද්ධතිය ක්‍රියාත්මක කරගැනිම සදහා ශල්‍යාගාරවල හා දැඩිසත්කාර ඒකකවල  භාවිතා කරන උපකරණ සොයාගත නොහැකි තත්වයට පත්වෙලා තියෙනවා. රෝහල තුල ඖධන නැතිවු විට බාහිර ඔසුහල් වලින්  එම ඖෂධ ලබාගත්තා. නමුත් මේ වනවිට ඔසුහල්වල පවා එම ඖෂධ හිගවෙමින් තියෙනවා. සර්ජිකල් වෛද්‍යවරු හා රෝහල් කාර්යමණ්ඩලය තමන්ගේ ආරක්ෂා සදහා භාවිතා කරන උපකරණවල ද උග්‍රහිගයක් තියෙනවා. ඖෂධවල අධික මිල රෝගින්ට දරාගැනිමට නොහැකිවෙලා තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්වෙලා තියෙනවා. මේ සදහා රජය වහා මැදිහත් විය යුතුයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: