hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 මැයි 10, පෙ.ව. 12:13



මදුරු මර්දනයට සියලු දෙනා දායක විය යුතු බවත් එසේ නැතිනම් ඉදිරියේදී ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මේ දිනවල වෛරස රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බවත් චිකන්ගුන්යා, ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා ඊට ඇතුළත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

බස්නාහිර පළාත තුළ චිකන්ගුන්යා රෝගීන් වාර්තා වීම ඉහළ යමින් තිබෙන බවත් වැඩිම රෝගීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව තද උණ, සන්ධි වේදනාව, සන්ධි ඉදිමීම, සමේ ඇතිවන දද, මස්පිඩු වේදනාව, හිසරදය, ඔක්කාරය, ඇඟපත වේදනාව මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වේ.

ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ පවතින චිකන්ගුන්යා ඊට්ස් නම් මදුරුවාගෙන් බෝවන රෝගයකි.