hit counter

2026 සැප්‍තැම්‍බර් මස 16 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 1:53



ලෝක ජැවලින් ශූර රුමේෂ් තරංග මහතාගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගෙන වන්දි ලබාදීමට තුර්කි ගුවන් සමාගම එකඟ වී තිබෙනවා.

ඒ, ඊයේ (15) සිවිල් ගුවන් සේවා අධිකාරියේ පැවති සාකච්ඡාවකදී වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා සමඟ තුර්කි ගුවන් සමාගමේ නියෝජිතයන් කළ සාකච්ඡාවකදීයි.

එහිදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තුර්කි ගුවන් සමාගමේ නියෝජිතයන් කනගාටුව පළ කර ඇති අතර, ඒ පිළිබඳ ආයතනික මට්ටමින් පරීක්ෂණයක් සිදුකර හානිය පිළිබඳ නිසි තක්සේරුවක් සිදුකරන බවට සහතික වී තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා, එහි සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ මහතා සහ තුර්කි ගුවන් සමාගමේ නිලධාරීන් එක්ව සිටියා.

පරීක්ෂණයෙන් අනතුරුව රුමේෂ් තරංග මහතාගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය කඩිනමින් තක්සේරු කර, ප්‍රමාදයකින් තොරව වන්දි ලබාදීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවට එහිදී තීරණය කර තිබෙනවා.

මෑතකදී හංගේරියාවේ සිට තුර්කි ගුවන් සේවය ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි ගමනේදී රුමේෂ් තරංග සතුව තිබූ ජැවලින් හෙලි 5කට හානි සිදුවීමත් සමඟ මෙම ගැටලුව මතුවුණා.

ගුවන් ගමනෙන් අනතුරුව එම ජැවලින් හෙලිවලට හානි සිදුව ඇති බව අනාවරණය වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ගුවන් සමාගමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: