2022 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 10:12
ප්‍රතික්‍රීියක හිඟය හේතුවෙන් ජාතික රෝහලේ ජීව පරීක්ෂණ රැසක් නැවතී ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවා.
බොහෝ ජීව රසායන පරීක්ෂණ නවතා දැමීම හේතුවෙන් රෝගීන් ජාතික රෝහල අවට ඇති පෞද්ගලික රසායනාගාර වෙත යොමු කරවන ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවටද හෙතෙම චෝදනා කළා.
මේ හේතුවෙන් ALT, AST, Bilirubin, Creatinine, Cholesterol, HDL, ALP Protein, Magnecium, Calcium, Amylase, TSH වැනි අත්‍යවශ්‍ය පරීක්ෂණ පවා කිරීමට නොහැකි වී ඇතැයිද ඔහු සඳහන් කළා.
එමෙන්ම හදිසි හා අත්‍යවශ්‍ය සේවා රසායනාගාරයේ කළ හැකි උපරිම සංඛ්‍යාව පරීක්ෂණ දෙක තුනකට සීමා වී ඇති බවත් හෙතෙම පැවසුවා.
එම පරීක්ෂණද රෝහල තුළම නිපදවා ගන්නා ප්‍රතික්‍රීයක භාවිතයෙන් කරන බවට වාර්තා වන්නේ යැයිද ඔහු කියා සිටියා.
මේ අයුරින් ප්‍රතික්‍රීයක හිඟ වීමට හේතුව මුදල් නොමැතිකමටත් වඩා, ඇතැම් විශේෂඥයන් තමන් කැමැති සමාගමෙන් පමණක් ප්‍රතික්‍රීයක ලබා ගැනීමේ දැඩි ඒකාධිකාරයක් පවත්වා ගැනීම යැයි රවී කුමුදේශ් චෝදනා කළා.
ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සහිත සමාගම් රැසක් තිබියදී ඒවායෙන් ප්‍රතික්‍රීයක ලබා ගැනීම ඇතැම් විශේෂඥයන් ප්‍රතික්ෂේප කරමින් සිටින බවද ඔහු කියා සිටියා.
2025 දෙසැම්‍බර් 22, ප.ව. 4:46
2025 දෙසැම්‍බර් 22, ප.ව. 12:36
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 11:53
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 8:22
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 8:16
22-12-25
22-12-25
19-12-25
19-12-25
15-12-25
15-12-25
14-12-25
14-12-25
10-12-25
10-12-25
13-11-25
13-11-25
11-11-25
11-11-25
04-11-25
04-11-25
22-10-25
22-10-25
22-08-25
22-08-25
12-07-25
12-07-25
09-07-25
09-07-25