hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 දෙසැම්‍බර් 21, පෙ.ව. 7:04



විෂ මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

ඒ සඳහා මේ වනවිට පියවර ගනිමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේ අතර ළමයින් අතර මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

ඉදිරියේදී පාසලට ඇතුලු වන්නන් සහ සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නම් පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් මගින් එම කාර්ය සිදුකළ යුතු බවටයි එහිදී සාකච්ඡා කර ඇත්තේ.

එසේම අධ්‍යාපන ආයතන පරිශ්‍රයන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, මධ්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය හා වෙළඳාමෙන් තොර කලාපයක් බවට පත් කිරීම යන උද්ධෘතයෙන් නිකුත් කළ චක්‍රලේඛය කෙරෙහි යළි විශේෂ අවධානය යොමු කළ යුතු බවට විදුහල්පතිවරුන් වෙත නැවත වරක් දන්වා යැවීමටද එහිදී තීරණය වී තිබෙනවා.