hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 19, පෙ.ව. 9:16



පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ගැනෙන වැරදි සමතයකට පත් කිරීම සඳහා අය කරන දඩ මුදල් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 15 ට එළඹෙන දින සිට අවුරුද්දක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබානොගත් ඉල්ලුම්කරුවන්ගෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් 2,500 ක්.

දෙපාර්තමේන්තු ප්‍රමාද දෝෂයක් හේතුවෙන් පළමු ඉල්ලුම් පත්‍රයට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රමාද වීමෙන් දෙවැනි වරට ඉල්ලුම් පත් ඉදිරිපත් කර ඇති අයැදුම්කරුවන්ගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 250 ක් වනවා.

දෙපාර්තමේන්තු ප්‍රමාද දෝෂයක් නොමැති අවස්ථාවලදී මුල් වරට ජාතික හැඳුනුම්පතක් ලබා නොගත් අයැදුම්කරුවන්ගෙන් රුපියල් 2,500ක් අය කර ගන්නා බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළ දින සිට මාස 6 ක් ඉකුත් වීමට පෙර ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම් නොකළ අයදුම්කරුවන්ගෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් 2,500 ක්.

ව්‍යාජ ලේඛන සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඇතුළු පනතේ සඳහන් අනෙකුත් වැරදි සඳහා ද රුපියල් 2,500 ක දඩ මුදලක් අය කර ගන්නා බව එම නිවේදනයේ දැක්වෙනවා.