hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 04, පෙ.ව. 9:32



75 වැනි නිදහස් දින උලෙළ සඳහා සහභාගි වන විශේෂ අමුත්තන් සහ අනෙකුත් අය වෙනුවෙන් ජංගම වැසිකිලි පහසුකම් සැපයීම සඳහා පමනක් රුපියල් රුපියල් එක්කෝටි හතළිස් දෙලක්ෂ පනස් අට දහස් අටසිය පනහක (14,258,850.00) මුදලක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ 2023.01.02 දිනට දරා ඇති බව වාර්තා වනවා.

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය නැමති සංවිධානය නියෝජනය කරමින් ජාමුනි කමන්ත තුෂාර නැමැති අයෙකු විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙතින් 2023 නිදහස් දින සමරු උලෙළ සඳහා වන වියදම් ඇස්තමේන්තුව තමා වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් 2023.01.26 දින ඉදිරිපත් කරන ලද HA/RTI/05/11tem යන තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් අදාල අමාත්‍යංශය විසින් ලබා දුන් තොරතුරුවලයි ඉහත දත්ත සඳහන් වන්නේ.

එහිදී ජංගම වැසිකිලි සඳහා රුපියල් මිලියන දාහතරක් ද, විද්‍යුත් තිර සඳහා රුපියල් මිලියන 2.7 ක් ආදි ලෙස වියදම දැක්වෙනවා.

අදාළ වියදම් ලැයිස්තුව මෙසේයි.