hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 07, ප.ව. 12:31



ජාතික නිදහස් උත්සවය සැමරීම සඳහා පසුගිය වසරේදී (2022) රුපියල් කෝටි නවය හමාරක් පමණ මුදලක් වියදම් වුවද මෙම වසරේදී පවතින ආර්ථික ගැටලු ද හමුවේ එම වියදම රුපියල් කෝටි 40කට ආසන්න වී තිබෙනවා.

පසුගිය වසරේදී නවකෝටි හතළිස්හත්ලක්‍ෂ හැටපන්දහස් පන්සිය හැටහතරයි ශත හැත්තෑපහක මුදලක් ජාතික නිදහස් උත්සවය සැමරීම සඳහා වැයවී තිබෙනවා.

ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් 2021 දී 80,662,000.36 ක්ද, 2020 දී 63,214,561.99 ක්ද, 2019 දී 68,130,091.15 ක්ද, 2018 දී 86,805,319.35 ක්ද ලෙස මුදල් වැයවී ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මෙම වසරේදී පසුගිය වසර (2022)ට වඩා වියදම සිව් ගුණයක වැඩිවීමක් සිදුව ඇති අතර ඊට හේතුව වී ඇත්තේ දැනට රට තුළ පවතින අධි උද්ධමනකාරී වාතාවරණය බව රජයේ ඉහළ නිලධාරීන්ගේ මතය වී තිබෙනවා.

ප්‍රධාන වශයෙන් ඉන්ධන මිල ඉහළ යෑම සහ වෙනත් භාණ්ඩ හා සේවා වියදම් ද විශාල වශයෙන් ඉහළ යෑම මත මෙවර එම වියදම් වැඩිවී ඇතැයි එම නිලධාරීහු පවසනවා.